හිතකර ක්ෂුද්‍ර ජීවී තාක්ෂණය(Effective Micro-Organism Technology)

Effective Micro-Organism Technology කියන වචන දෙක කෙටි කරල EM තාක්ෂණය කියල අපි කියමු.

EM තාක්ෂණය කියන්නෙ මොකක්ද????

මෙහි නිර්මාර්තෘ වන්නේ ජපානයේ රියුකියුස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තෙරෑ හිගා මැතිතුමා,
මෙය ලංකාවේ අපට දකින්න පුලුවන් වෙන්නෙ මූලික ද්‍රාවනයක් විදියට.මේ ද්‍රාවනය සජීවී මිශ්‍රණයක් විදියට හදුන්වන්න පුලුවන්,තවදුරටත් විසිතර කලොත්,

ස්භාවික පරිසරයේ හමුවන විවිධ ක්ෂුද්‍ර හිතකර  ජීවී  කොට්ඨාශවල එකතුවක් කියන්න පුලුවන්.මෙහි අඩංගු ක්ෂූද්‍ර ජීවීන් බොහොමයක් ඈත අතීතයේ පටන්ම මිනිසා බීර,පාන්,චීස්,යෝගට්,අච්චාරැ වගේ විවිධ ආහාර නිපදවන්න භාවිතා කලා..

EM ද්‍රාවනයේ හමුවන හිතකර ක්ෂුද්‍ර ජීවී කොට්ඨාෂ 3ක් ප්‍රධාන වශයෙන් තියනවා..
    01- ප්‍රභාසංස්ලේෂණ බැක්ටීරියා(Photosynthetic Bacteria)

    02- ලැක්ටික් අසිඩ් බැක්ටීරියා(චීස්,යෝගට්,අච්චාරැ වල තියන)
    03-ඊස්ට් ( බීර,පාන් වල තියන)

මේ බැක්ටීරියා කාන්ඩ තුනෙන් තමයි මේ EM  හැදිල තියෙන්නෙ,

EM දිරා යන කොළ රොඩු,සත්ව අපද්‍රව්‍ය(මළ මූත්‍ර),පිදුරැ  හා දහයියා වැනි බෝග අවශේෂ සහ වෙනත් රතු හාල් නිවුඩු,පුන්නක්කු,වැනි කාබනික අමුද්‍රව්‍ය මත ක්‍රියාකර ශාක හා සතුන්ට අවශ්‍ය විටමින් වර්ග,කාබනික අම්ල වර්ග,අත්‍යවශ්‍ය ඇමයිනෝ  අම්ල වර්ග,මෙන්ම ශාක හා සතුන්ගේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක සංයෝග නිපදවනවා,ඒ වගේම පසේ ඇති ශාක වලට ලබාගත නොහැකි තත්වයේ ඇති විවිධ ඛණිජ වර්ග ශාඛවලට පහසුවෙන් ලබාගතහැකි සංයෝග බවට පත්කරනවා..ඒ වගේම පසේ රෝග කාරක ව්‍යාධිජනක පාංශු ජීවීන් මර්ධනය කරනවා…

  EM තාක්ෂණය යොදාගත හැකි අවස්ථා 

  කෘෂිකර්මාන්තයේදී,

  කොම්පෝස්ට් නිෂ්පාදනයට(දවස් 28කින් සාරවත් කොම්පෝස්ට් නිෂ්පාදනයක් හදාගන්න පුලුවන්)
  දියර පොහොරක් විදියට බාවිතා කරන්න පුලුවන්

  පළීබෝධ පාලනයට යොදා ගන්න පුලුවන්
 

  සත්ව පාලනයේදී

  සත්ව පාලනයේදී ඇතිවන දුගද සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන්
  සතුන්ට ජලය සමග හා ආහාර සමග ලබාදීමෙන් වර්ධනය කඩිනම් කිරීම,ප්‍රතිශක්තී කරණ හැකියාව වර්ධණය කිරීම,මරණ අනුපාතය අඩුකරගැනීමට හැකිවීම වගේ වසි ගොඩක් ගන්න පුලුවන් 

 අපද්‍රව්‍ය කළමණාකරණයේදී යොදාගන්න පුලුවන්,,,

 නාගරික හා ගෘහ ආශ්‍රිත කැලි කසල කළමණාකරණයට යොදා ගන්න පුලුවන්……

 

මේ විදියට බාවිතා කල හැකි විවිධ අවස්ථා ගැන ඉදිරියේදී ලියන්න බලාපොරොත්තු වෙනවා……..

http://www.agriton.nl/homeeng.html

Dr. HigaDr. Higa is recognized around the world as the originator of the “earth-saving revolution”, which stems from the introduction of Effective Microorganisms®. This important breakthrough in sustainable technologies is resolving a broad variety of environmental problems. EM·1® was recently used by all countries impacted by the Tsunami Wave Disaster in curbing the spread of pathogen diseases. The World Health Organization’s prediction that more deaths would occur from the spread of these diseases than from the disaster itself never materialized. EM·1® was also recently used in cleaning up the polluted inland seas of China and Japan, where marine life and vegetation have significantly returned. EM Technologies® are quietly making history around the world’

Go to the latest EM Agriton website

ලංකාවේදී මේ EM තාක්ෂණය තියෙන්නෙ අපිලග විතරයි.

 මේ ගැන වැඩි දුර විස්තර,

සීඩ්ස් ගැරන්ටි ලිමිටඩ්,

EM තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය,

නො.31,මුතුහේනවත්ත පාර,

දික්හැතැක්ස,0112-752452

මීගොඩ .    කියන ලිපිනයෙන් හරි ඕනෑම දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන මධ්‍යස්ථානයකින් ලබාගන්න පුලුවන්…..

නො.0Image

About these ads
This entry was posted in EM.හිතකර ක්ෂුද්‍රජීවී තාක්ෂණය. Bookmark the permalink.

2 Responses to හිතකර ක්ෂුද්‍ර ජීවී තාක්ෂණය(Effective Micro-Organism Technology)

  1. Epc Colombo says:

    චින්තක මල්ලී,
    මේ වැඩේ ගොඩක් හොදයිග මට තවම මේ සිස්ටම් එක අල්ල ගන්න බැරි උනා. අපි හමුවුනු වෙලාවක මේ ගැන කතා කරමු.

    උදය අයියා

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s