ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව-Field Visit(Passion Project)

පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන වල වැල්දොඩම් වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව අපි මීට ඉහතදී සදහන් කලා.එහි පියවරක් ලෙස ව්‍යාපෘතිය සිදුකිරීමට කැමැත්තෙන් සිටින පිරිසක් පසුගිය දවසක ක්ෂේත්‍ර චාරිකාවක එක්කගෙන ගියා.

ඒ තල්විල සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සාමාජික පිරිසක්.කුරැණෑගල ව්‍යවසාය ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ මගපෙන්වීම සටතේ ව්‍යාපෘතිය සිදුකරන වගාකරැවන් ගේ වගාවන් නරබන්න තමයි සහභාගි වුනේ.ඒ හෙට්ටිපොලෙන් හැරිල ගියාම හම්බවෙන හාතලව කියන ගමේ සණස සමිතියක සාමාජිකයන්ගේ වගාවක්.
ඒ චාරිකාවෙදී වගාවට වලවල් කපා ගන්න තැන ඉදන් අස්වැන් අලවි කරන තැන දක්වාම සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න හැකියාව ලැබුණා.වගාව දැනට සිදුකරන ගොවි මහතුන්ගෙන්ම ඔවුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් දැනගන්න ලැබුණ නිසා වගාව සම්බන්ධව තිබුණු ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් හොයාගන්නත් හැකියාව ලැබුණා.
අනෙක් කාරනය පොල් වගාකල ඉඩමක යටිවගාවක් ලෙස වගාකල වැල් දොඩම් වගාවක් වගේම.තනි ඉඩමක වගාකල වගාවක් නරමන්න හැකියාව ලැබීම ප්‍රයෝජනවත් වුණා.මොකද චාරිකාවෙ යෙදුන බොහෝදෙනෙකුට පොල් ඉඩමෙම යටිවගාවක් විදියට තමයි වගාව සිදුකරන්න වෙන්නෙ.මොකද වෙන වගාවක් නැති ඉඩම් වැඩි පිරිසකට නැති නිසා……
ඒ චාරිකාවෙන් පස්සෙ,දැන් පිරිසක් වලවල් කපල සූදානමෙන් ඉන්නවා හා හා පුරා කියල වගාවේ පැල හිටවන්න.ඒත් වැස්ස ටිකක් අඩු නිසා වැහි පොදක් වැටෙනකල් බලාගෙන ඉන්නවා……..ඒ වැස්ස අපිට ඉක්මනටම ලැබේවි…..

This slideshow requires JavaScript.

This entry was posted in Activites. Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s