බෝග වගා නිර්දේශ..වැල්දොඩම් වගාව 01

අපි වැල් දොඩම් වගා ව්‍යාපෘතියක් ආරම්භ කලා කියල පසුගිය පෝස්ට් වලින් කීවනෙ..ඒ නිසා මේ වගාව සම්බන්ධ තාක්ෂණික තොරතුරැ ටිකක් දැම්මොත් හොදයි කියල හිතුව…මේ ඒහි පළමු කොටස.මේ තොරතුරැ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් ගත්තෙ.

 

උද්භිද විද්‍යාත්මක නාමය

වැල්දොඩම් Passiflora edulis Sims ලෙස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අතර මෙම විශේෂය තුළ එකිනෙකට වෙනස් ආකාර ( Forms ) දෙකක් දක්නට ඇත. එනම් දම් පැහැති ආකාරය ( Passiflora edulis F. edulis ) සහ කහ පැහැති ආකාරයයි. ( Passiflora edulis f. flavicarps )

සම්භවය : මින් දම් පැහැති වැල්දොඩම් බ්‍රසීලයේ සම්භවය වී ඇතැයි සැලකේ. කහ වර්ගයේ සම්භවය නිශ්චිතව නිගමනය කොට නැති අතර එය දම් පැහැති වර්ගයේ ජාන විකෘතියක් මඟින් හෝ දම් වර්ගය වෙනත් පැසිෆ්ලෝරා විශේෂයක් සමඟ දෙමුහුන් වීමෙන් ඇතිවිනැයි අනුමාන කරයි.

වගා කරන ප්‍රදේශ : දැනට වැල්දොඩම් වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලය. නමුත් මෙම බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශවල ජල සම්පාදන පහසුකම් යටතේ පමණක් වගා කල හැක.

භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතුරකිනි. එහි පත්‍ර කොළ එළවළුවක් ලෙසද ආහාරයට ගනී.

භාවිතය : වැල්දොඩම් ප්‍රධාන වශයෙන් යොදාගන්නේ යුෂ නිපදවීම සඳහාය. අලුත් පලතුරක් ලෙස එය ආහාරයට ගනු ලබන්නේ ඉතා කලාතුරකිනි. එහි පත්‍ර කොළ එළවළුවක් ලෙසද ආහාරයට ගනී.

වැල්දොඩම් යුෂ ග්‍රෑම් 100 ක පෝෂක ප්‍රමාණය

පදාර්ථය ප්‍රමාණය
ජලය   ග්‍රෑම් 89
ශක්තිය කිලෝ කැලරි 37
ප්‍රෝටීන් ග්‍රෑම් 1.2
මේදය ග්‍රෑම් 0.2
කාබෝහයි‍ඩේට්  ග්‍රෑම් 7.7
කැල්සියම්   මිලි ග්‍රෑම් 10
පොස්පරස්   මිලි ග්‍රෑම් 30
යකඩ   මිලි ග්‍රෑම් 0.7
කැරොටීන්    මයික්‍රො ග්‍රෑම් 1968
තයමීන්    මයික්‍රො ග්‍රෑම් 10
රයි‍බො‍ප්ලේවින්   මයික්‍රො ග්‍රෑම් 20
විටමින් සී මිලි ග්‍රෑම් 13
වැල්දොඩම් යුෂ විටමින් A හා විටමින් C වලින් පොහොසත්ය. කහ පැහැති ආකාරයේ සහ දම් පැහැති ආකාරයේ අඩංගු සීනි වර්ග වල ප්‍රමාණයේ එතරම් වෙනසක් දක්නට නොමැති නමුත් කහ පැහැති වර්ග වල අඩංගු ඇසිඩ් ප්‍රමාණය දම් පැහැති වර්ග වලට වඩා වැඩි බැවින් කහ පැහැති වර්ග ඇඹුල් ගතියෙන් යුක්තය. එනම් කහ පැහැති වර්ගයේ සීනි : ඇසිඩ් : 3 : 8 පමණ වන අතර දම් වර්ගයේ එය 5 : 1 වේ. 

වගාව සඳහා සුදුසු ප්‍රභේද
කහ පැහැති ප්‍රභේදය (Passiflora edulis f flavicarpa)

  • ඉදුණු ගෙඩි කහ පැහැතිය.
  • ඕවලාකාර හෝ රවුම් හැඩයකින් යුක්තය.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 60 – 90 පමණ වේ.
  • යුෂවල සීනි ප්‍රමාණය අඩුය.
  • පහතරට හෝ වියළි කලාපය සඳහා නිර්දේශ කෙරේ.

දම් පැහැති ‍ප්‍රභේදය (Passiflora edulis f edulis)

  • ගෙඩි දම් පැහැතිය
  • ප්‍රමාණයෙන් කුඩාය.
  • ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 35 – 50 පමණ වේ.
  • කහ පැහැති ප්‍රභේදයට වඩා යුෂවල ගුණාත්මය උසස්ය.
  • මුහුදු මට්ටමේ සිට මීටර් 1000 වඩා උස් වූ ප්‍රදේශ සඳහා නිර්දේශ කෙරේ.

රහන්ගල දෙමුහුම (Rahangala hybrid)

  • කහ හා දම් පැහැති ප්‍රභේද දෙමුහුම්කර සාදා ඇති වර්ගයකි.
  • ගෙඩි රෝස පැහැයට හුරු දම් පාටය.
  • යුෂයේ ගුණාත්මය වැඩිය.
  • උඩරට ප්‍රදේශ සඳහා නිර්දේශිතය.

මානි
2000 වසරේදී නිර්දේශ කරන ලද ප්‍රභේදයක් වුවද මේවන විට මෙම වර්ගයේ ප්‍රචාරක ද්‍රව්‍ය නිෂ්පාදනයක් සිදු නොවේ

ImageImageImage

This entry was posted in Information. Bookmark the permalink.

4 Responses to බෝග වගා නිර්දේශ..වැල්දොඩම් වගාව 01

  1. Tharanga- EM Manager says:

    Dear Chinthaka,
    Best of Luck. I appreciate your task and your achievement. Grow more and you can win……………………..

    Tharanga Gammudali
    Project Manager
    EM centre

  2. saliya79 says:

    Very good. Go ahead. I will give you my full support.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s