බෝග වගා නිර්දේශ(වැල්දොඩම් වගාව 03)

කණු සිටුවීම
පැල සිටුවා ඇති පේලියට සෙන්ටිමීටර් 30 පමණ ඉදිරියෙන් සෑම පැල දෙකක් අතරින්ම ශක්තිමත් ආධාරක කණුවක් බැඟින් සිටුවන්න. එවිට පැලයට හොඳින් හිරු එළිය වැටේ.

පැල සිටුවා ඇති පරතරයට සමාන පරතරයක් ආධාරක කණු දෙකක් අතරද පවත්වා ගන්න. මේ සඳහා කොන්ක්‍රීට් කණු හෝ ලී දඬු යොදා ගත හැක. එම කණුවල උස මීටර් 2 1/2 පමණ උස විය යුතුය.

කම්බි ඇදීම
ගේජ් 14 ප්‍රමාණයේ ගැල්වනයිස් කම්බි පොළව මට්ටමේ සිට මීටර් 1 3/4 – 2 පමණ ඉහලින් ආධාරක කණුවලට තදින් සවිවන සේ පේලිය දිගේ අදින්න. තැනිතලා බිමක වගා කරන විට කම්බි ඇදිය යුත්තේ නැගෙනහිර – බටහිර දිශාව ඔස්සේය. එවිට වගාවට හොඳින් හිරුඑළිය ලැබේ.

වැල් පුහුණු කිරීම
ළපටි වැල් කම්බිය දක්වා වර්ධනය වීමට උපකාරවනු පිණිස දිගු කෝටු හෝ පාහින ලද පොල් අතු ආධාරක ලෙස යොදා ගන්න. නැතහොත් පැලය අසල කුඩා කෝටුවක් සිටුවා එහි ගැට ගසන ලද ලණු පොටක් කම්බිය දක්වා අදින්න.

කම්බිය දක්වා තනි කදක් ලෙස වැලට වැඩීමට සලස්වන්න. කම්බියට පහලින් වැලෙහි හටගන්නා පාර්ශ්වික අතු සියල්ල ඉවත් කරන්න. පසුව වැල කම්බිය තෙක් වැඩෙනවිට අග්‍රස්ථය කඩා පාර්ශ්වික ශාඛා දෙකක් විරුද්ධ දිශාවලට වැඩීමට සලස්වන්න. පසුව කම්බිය දිගේ දෙපසට වැඩෙන ශාකා මීටර් 02 පමණ දිගට වැඩුන පසු අග්‍රස්ථය කපා දමන්න. එවිට මල් හටගන්නා ද්විතීක රිකිලි හට ගැනීම හොඳින් සිදු වේ. මේ ද්විතීක ශාඛා කම්බියෙන් පහලට වර්ධනය වීමට සලස්වන්න. එකින්නෙක එතීම වලකා ගැනීම සඳහා කදෙන් හටගන්නා පහුරු කපා දමන්න.

මල් කෘතීමව පරාගනය කිරීම
දම් පැහැති පැෂන් ප්‍රභේදයට ස්වපරාගනය මඟින් ඵල පිහිටුවීමේ හැකියාව හැකියාව ඇතත් කහ පැහැති ප්‍රභේදය බොහෝ විට අසංගතිය හෝ ස්ව වන්ධ්‍යභාවය පෙන්වන බැවින් ස්ව පරාගණය සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. මේ නිසා කහ පැහැති ප්‍රභේදයේ ගෙඩි හටගැනීම සඳහා වෙනස් වැලක මල්වලින් පරාගණය වීම අත්‍යාවශ්‍ය වේ. ස්වභාවිකව මෙම මල් පරාගණය අම්බලන්පාලුවා (Xylocopa megaxylocopa frontalis) නමින් හඳුන්වන කෘමියා මඟින් සිදු වන නමුත් අතින් පරාගණය කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල දක්නට ඇත. කහ ප්‍රභේදයේ මල් පිපීම සාමාන්‍යයෙන් දහවල් 12.00 ට පසු සිදු වෙයි. මල පිපෙන අවස්ථාවේදී මලේ කලංකය සෘජුව උඩට හැරී පවතී. මල පිපී පැයකට පමණ පසුව මලේ කලංකය පහළට නැමී යටි අතට හැරෙයි. මේ අවස්ථාවේදී කලංකය පරාග ලබාගැනීමට හොඳින් ග්‍රාහී වේ. නමුත් ප.ව. 1.00 ට පමණ පසු පරාගණය සිදු කිරීම ආරම්භ කළ හැකිය. කහ පැහැති ප්‍රභේදයේ මල් පරාගණය සිදු කරන විට එම මලේ පරාග වලින් හෝ එම වැලේ වෙනත් මලකින් හටගත් පරාගවලින් පරාගණය නොකළ යුතුය. වෙනත් වැලක හටගත් මලක පරාග වලින් පරාගණය කිරීමෙන් පමණක් පරාගණය සාර්ථකව සිදු වේ. වෙනත් මලකින් කඩාගත් පරාගධානි මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල ආධාරයෙන් කලංකය මත තැවරීම සිදුකළ හැකිය. එසේ නොමැති නම් සියුම් කෙදි සහිත බුරුසුවකින් කලංකය මත මෘදුව පිරිමැදීම සිදුකළ හැකිය. මල් පරාගණය කර පැය දෙකක් තුළ වර්ෂාව ඇති නොවුණහොත් ඵල පිහිටීම සාර්ථක වේ.

වල් පැලෑටි පාලනය
බොහෝ විට වැල් දොඩම් වගා කරණු ලබන්නේ වර්ෂාව අධික ප්‍රදේශවලය. ඒ නිසා වගා භූමිය මුළුමනින්ම උදළුගෑම මඟින්, පස සෝදා පාළුවට ලක්විය හැකිය. ඒ නිසා වැලෙහි පාදයේ සිට සෙන්ටි මීටර් 60 – 90 පමණ වෘත්තාකාර ප්‍රදේශයක් වල් පැලෑටිවලින් තොරව තබා ගැනීම ප්‍රමාණවත්ය. ඉඩමේ සෙසු ප්‍රදේශවල තණකොළ හෝ වෙනත් ආවරණ වගාවක් හෝ පවත්වාගත හැකිය. වරින් වර වීසිකැති ගැසීම මඟින් තණකොල හා ආවරණ වගාවන්හී වර්ධනය පාලනය කරගත හැකිය.

වැල් දොඩම් වෛරසය පතුරවන කූඩිත්තන්ගේ අතරමැදි ධාරක ශාක ලෙස සමහර රනිල වර්ග හඳුනාගෙන තිබේ. ඒ නිසා ආවරණ වගා ලෙස රනිල වර්ග යොදා ගැනීම එතරම් සුදුසු නැත.

පොහොර යෙදීම
තෙත් කළාපය

වර්ගය

යොදන අවස්ථාව

ප්‍රභවය

ප්‍රමාණය

හුණු යෙදීම *

සිටුවීමට සති 2ට පෙර

හුණු / ඩොලමයිට්

වලකට ග්‍රෑම් 500 *

කාබනික පොහොර

සිටුවීමට සති 2ට පෙර

කුකුල් පොහොර

වලකට කි.ග්‍රෑම් 5 **

ගොම පොහොර / කොම්පෝස්ට්

වලකට කි.ග්‍රෑම් 10 **

 

රසායනික පොහොර

යොදන අවස්ථාව

ප්‍රභවය සහ ප්‍රමාණය වැලකට ග්‍රෑම්

 

යූරියා

රොක් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කීසරයිට්

සිටුවීමට පෙර

45          

80

40

55

සිටුවා මාස 2 කින්

45

80

40

සිටුවා මාස 6 කින්  

45

80

40

සිටුවීමෙන් මාස 10 ට පසු

45

80

40

55

සිටුවීමෙන් මාස 14 ට පසු  

80

140

70

සිටුවීමෙන් මාස 18 ට පසු   

80

140

70

සිටුවීමෙන් මාස 22 ට පසු

80

140

70

55

සිටුවීමෙන් මාස 26 ට පසු

115

200

105

සිටුවීමෙන් මාස 30 ට පසු

115

200

105

සිටුවීමෙන් මාස 34 ට පසු

115

200

105

55

ඉන්පසු සෑම මාස 4 කට වරක්

150

260

140


වියළි සහ අතරමැදි කළාප

වර්ගය

යොදන අවස්ථාව

ප්‍රභවය

ප්‍රමාණය

හුණු යෙදීම *

සිටුවීමට සති 2ට පෙර

හුණු / ඩොලමයිට්

වලකට ග්‍රෑම් 500 **

කාබනික පොහොර

සිටුවීමට සති 2ට පෙර

කුකුල් පොහොර

වලකට කි.ග්‍රෑම් 5 **

ගොම පොහොර / කොම්පෝස්ට්

වලකට කි.ග්‍රෑම් 10 **

 

රසායනික පොහොර

යොදන අවස්ථාව

ප්‍රභවය සහ ප්‍රමාණය වැලකට ග්‍රෑම්

 

යූරියා 

ට්‍රිපල් සුපර් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

සිටුවීමට පෙර

55

55

40

සිටුවීමෙන් මාස 2 ට පසු

55

55

40

සිටුවීමෙන් මාස 6 ට පසු

55

55

40

සිටුවීමෙන් මාස 10 ට පසු

55

55

40

සිටුවීමෙන් මාස 14 ට පසු  

90

90

70

සිටුවීමෙන් මාස 18 ට පසු   

90

90

70

සිටුවීමෙන් මාස 22 ට පසු

90

90

70

ඉන්පසු සෑම මාස 4 කට වරක්

135

130

105

 

* PH 5 ට අඩුවිට පමණක් යෙදන්න.
* * හුණු හා කාබනික පොහොර යෙදීම සෑම වසරකටම වරක් සිදු කළ යුතුය. 

ජල සම්පාදනය
වැල අවට පසෙහි තෙතමනය ආරක්ෂාකර ගැනීම සඳහා කොහුබත්, වියළි තණකොල ආදිය යොදා වසුන් කරන්න.

 

කෘමි හානි හා පාලනය
කූඩිත්තා

  • මොවුන් වැල් දොඩම් ශාකයේ යුෂ උරා බීම සිදු කරයි.
  • නමුත් මෙහි ආර්ථික හානියක් සිදු නොමැත.
  • නමුත් වැල් දොඩම් වෛරස් රෝගය පතුරවන වාහකයා වශයෙන් ක්‍රියා කරන නිසා කූඩිත්තා මර්ධනය කිරීම ඉතා වැදගත්ය.
  • මේ සඳහා ග්ලිරිසීඩියා, පොඩිසිඤ්ඤාමරන්, වතුපාළු වැනි කූඩිත්තාගේ අතරමැදි ධාරක ශාක වර්ග වගාව අවට වැඩීමට ඉඩ නොදෙන්න.


වැල් කපන කුරුමිණීයා

  • දිගැති සිරුරක් සහිත කළු කුරුමිණියකි.
  • රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මෙම කුරුමිණියා වැඩිපුර දැකිය හැකි වන්නේ දෙසැම්බර් ජනවාරි කාල වලදීය.
  • වැල් දොඩම් වගාවට හානි සිදු කරන්නේ ගැහැණු සතාය.
  • බිත්තර දැමීම සඳහා කෘමියා විසින් රාත්‍රී කාලවලදී බෝගයේ ප්‍රධාන වැලකපා දමයි.
  • කපා දැමූ වැල්වල පොත්ත තුල බිත්තර තැම්පත් කිරීමෙන් දින 8දී පමණ කීටයන් බිහි වේ.
  • කපා දැමීම නිසා මැරී ගිය වැල්වල ලීය තුල කුඩා කීටයන් උමං සාදමින් ක්‍රමයෙන් වර්ධනය වේ.
  • කීට අවධිය සඳහා වසරක පමණ දිගු කාලයක් ගත වේ.
  • ඒ නිසා කීටයාගේ වර්ධනයට ප්‍රමාණයෙන් විශාල ප්‍රධාන වැල් පමණක් බිත්තර දැමීම සඳහා කෘමි සතා විසින් තෝරා ගනි.


පාලනය

  • හානිය නිසා මැරී වියළි ගිය සියලුම වැල් වගාවෙන් ඉවත් කර පුළුස්සා දැමීම නිසා බිත්තර හා කීට අවස්ථා විනාශ වේ.
  • මෙම හානිය දරුණු අවස්ථාවල අඩු සාන්ද්‍රනයක් ඇති තාර දියරවල කෘමිනාශකයක් මිශ්‍ර කර වැල්වල කදෙහි පහල කොටසේ ආලේප කරන්න.


වැල් මහත් වන තත්ත්වය
මෙය වැල්දොඩම් වැල්වල ප්‍රධාන කදේ මෙන්ම කම්බිය දිගේ දිවෙන පාර්ශ්වික ශාඛා වලද දක්නට ඇත. මුල් අවස්ථාවේදී කදේ පොත්ත පුපුරා පැලී යන ස්වභාවයක් ඇති අතර පසුව එම ස්ථානය මහත්වී වේලී යන තත්ත්වයක් ඇති වේ. මෙය එක් වරම සිදු නොවන නමුත් මෙම ස්ථානයට ඉදිරියෙන් ඇති වැල් කොටස් කහ පැහැතිවී වේලී මැරී යන තත්ත්වයක් ක්‍රමයෙන් ඇති වේ.

මේ දක්වා කර ඇති පර්යේෂණ හා නිරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ මෙය කෘමි / රෝගකාරක මඟින් ඇති නොවන බවය. වැල් පුහුණු කිරීමේදී වැල් පිළිබඳ මනා සැලකිල්ලක් දක්වමින් ඒවා ඇබරී යාම හෝ පිපිරී යාමට ඉඩ නොදී සිදු කිරීමෙන් මෙය බොහෝ දුරට පාලනය කරගත හැකි බව පෙනී ගොස් ඇත.

රෝග පාලනය
වැල් දොඩම් වෛරස් රෝගය

  • වැල් දොඩම් වගාවට විශාල ලෙස හානි පමුණුවයි.
  • අස්වැන්න බෙහෙවින් අඩු වන අතර ගුණාත්මයද අඩුය.
  • ගෙඩියේ පිට පොත්තේ විචිත්‍ර ලක්ෂණද කහ හෝ කොළ පැහැති තෙත් ස්වභාවයක් ගන්නා පුල්ලිද පිටතට නෙරාගිය ගැට වැනි ස්වභාවයක් ද ඇති වේ.
  • මීට අමතරව රෝගී ගෙඩි අස්වභාවිකව තද ගතියකින් යුක්තය.


පාලනය

  • වගාවට රෝගය වැලදීමෙන් පසු එය සුව කල නොහැකිය. නමුත් රෝගය පැතිරීම අඩු කර ගැනීම සඳහා පහත පියවරවල් අනුගමනය කල හැක.
  • වැල් වල දිරිය වැඩි කර ගැනීම සඳහා ක්‍රමානුකූලව පොහොර යෙදීම.
  • පළමු මාස 06 තුලදී වගාව පරීක්ෂා කර රෝගී වැල් ගලවා පුළුස්සා දමන්න.
  • වගාව අවට කූඩිත්තන්ගේ ධාරක ශාක ලෙස ක්‍රියා කරන වල් පැලෑටි විනාශ කරන්න.
  • වෛරස් වැළදී ඇති වගාවක් කප්පාදු කළ යුත්තේ අත්‍යාවශ්‍ය වූ විටදී පමණි.

මුල් කුණුවීම

  • පසේ ජීවත් වන පීතියම් ෆයිටොප්තරා වැනි දීලීර නිසා ඇති වන රෝගයකි.
  • මෙය තවාන් වල මෙන්ම ක්ෂේත්‍රයේ ඇති පැල වලටද ඇති විය හැකිය.


අස්වැන්න නෙලීම
මල් හටගෙන අස්වනු නෙලීම පහතරට ප්‍රදේශ සඳහා නිර්දේශිත කහ පැහැති වර්ගය දින 70 කදී ද උඩරට ප්‍රදේශ සඳහා නිර්දේශිත දම් පැහැති වර්ගය දින 90 කදී ද සිදු කල හැකිය. ප්‍රධාන අස්වනු වාරය වන්නේ මාර්තු සිට අගෝස්තු දක්වා කාලයයි.

අස්වනු නෙලීමට සුදුසු අවස්ථාවේ ඇති ගෙඩි තෝරා ගැනීමට ගෙඩියේ පැහැය වෙනස් වීම අනුව පහසුවෙන් සිදුකල හැකිය.

තවද වියළ කාලගුණයක් ඇති විට පමණක් අස්වනු නෙලා ගන්න. ගෙඩියෙහි පිට පොත්තෙහි ජලය තැවරී ඇති ගෙඩි ගබඩා කරනු ලැබූවිට පොත්ත ඉක්මනින් දුර්වර්ණ වේ.

හොඳින් නඩත්තු කල වගාවකින් අක්කරයකට කිලෝ ග්‍රෑම් 500 ක පමණ සාමාන්‍ය අස්වැන්නක් වසරකදී ලබාගත හැකිය. වැල් දොඩම් වගාවක ආර්ථික ජීවින කාලය වසර 5 පමණ වේ. වගාවේ උපරිම අස්වැන්න ලැබෙන්නේ වසර 3 ගතවූ පසුවය.

  • දම් පැහැති වර්ගයේ තද දම් පැහැයක් තිබිය යුතුය. අධික වශයෙන් පොත්ත රැලි වැටී හෝ මතුපිටින් එබී ගිය ස්වභාවයක් තිබීම සුදුසු නැත.
  • කහ පැහැති වර්ගයේ පිට පොත්තෙහි ඒකාකාරී කහ පැහැයක් හෝ දිලිසෙන සුලු ස්වභාවයක් තිබිය යුතුය. මදයේ වර්ණය ලා කොල පැහැති කහ විය යුතුය. ආවේණික සුවඳින් විය යුතුය.


අස්වැන්න ගබඩා කිරීම හා ප්‍රවහනය
නෙලාගත් අස්වැන්න හැකි ඉක්මනින් ඵල එකතු කරන මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කල යුතුය. අස්වනු නෙලීමේදී හා ප්‍රවාහණයේදී ගෙඩි තැලීම වලක්වා ගත යුතුය. අස්වැන්න නෙලීමෙන් පසු කල් ගතවෙත්ම ගෙඩිවල බර අඩු වේ. පොත්ත රැලි වැටී විරූපී වේ.

ඵල එකතු කරන්නන්, අපනයනකරුවන් හා පලතුරු යුෂ නිෂ්පාදන කම්හල්වල අවශ්‍යතාවය අනුව සෙන්ටිග්‍රේට් අංශක 65 – 70 ඌෂ්ණත්වයක් හා 85 – 90 % ආර්ද්‍රතාවයක් පවතින ගබඩාවක සති 02 පමණ කාලයක් සතුටුදායකව ගෙඩි ගබඩා කර තබාගත හැක.

ඒ සඳහා ස්වභාවිකව නටුවෙන් ගිලිහී බිම පතිත වන ගෙඩි යොදා ගැනීම සුදුසුය. මේ අන්දමට බිම පතිත වන ගෙඩි දිනකට දෙවරක් බැඟින් එකතු කිරීම වැදගත්ය.

ශ්‍රේණිගත කිරීම හා ඇසිරීම

  • එක සමාන විශාලත්වයක් හැඩයක් සහ වර්ණයක් සහිත ගෙඩි වෙන්වෙන් වශයෙන් තෝරන්න.
  • කාඩ්බෝඩ් පෙට්ටිවල තනි නට්ටුවක් ලෙස හෝ කඩදාසියකින් එකිනෙක වෙන්කර ගත් තට්ටු දෙකක් ලෙස හෝ ගෙඩි අසුරණු ලැබේ.
  • එක් ඇසුරුමක බර කි.ග්‍රෑම් 2 – 4 පමණ දක්වා වෙනස් විය හැකිය. මෙවැනි පෙට්ටියක ගෙඩි 40 – 48 පමණ අඩංගු වේ.
This entry was posted in Information. Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s