ඉරණවිල වැලිතලාවෙන් බිහිවූ ඉදලේ කථාව

……………..…අපි පහුගිය දවසක හොදම ව්‍යවසායකයන් තේරීම සිදුකලා.මේ පුත්තලම දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායකයාගේ කථාව.ඔහුගෙ කථාවෙන් තවත් පුංචි ව්‍යවසායෙකයෙකුට පාඩමක් ඉගන ගන්න තියෙයි කියල මම හිතනවා………………………..

ඉරණවිල කියන්නෙ ධීවර කර්මාන්තය ප්‍රධාන ජීවෝනෝපාය කරගත්ත.බැලූ බැලූ අතට වැලි තලා විහිදිලා යන එක පැත්තකින් මහ මුහුදිනුත් අනිත් පැත්තෙන් කලපුවෙනුත් වටවුනු ජනපදයක්.ධීවර කර්මාන්තය ආශ්‍රිත විවිධ ව්‍යාපාර හැරැණකොට අනෙකුත් නිෂ්පාදන ව්‍යාපාර කරන පිරිස ටිකක් අඩුයි.ඒ අඩු පිරිස අතරින් ඉරණවිල ප්‍රදේශයටම ඉදල් සහ කොසු හදන්න ඉන්නෙ එකම එක ව්‍යවසායකයෙක් විකරයි.
ඔහු නමින් ලහිරැ චතුරංග පියසිරි.ලිපිනය.නො.299,40 ජනපදය,බටහිර ඉරණවිල,ඉපදුනේ 1984,පවුලෙ ඉන්න එකම දරැව ලහිරැ.ඔහුගෙ පියාගෙ රැකියාව වුනෙත් ඉදල් කොසු හදන එක,ඒ ලහිරැ ඉස්කොලේ 7 වසරෙ ඉන්නකොට.ඒ කාලෙ ඉදලම ඉස්කෝලෙ ඇරිල ඇවිත් තාත්තට උදව් කරල ටික ටික වැඩේ පුරැදු උනා.පියා යම් දුරකට ව්‍යාපාරය ගොඩනගාගෙන පැමිණීයා.හැබැයි කාටත් වගේ ටිකක් ඉක්මනට සල්ලි හොයන්න ආසාවක් ලහිරැගෙ පියාටත් ඇතිවෙලා ඔහු විදේශ ගතවෙන්න තීරණය කලා. ඒ 2004 දි සිංගප්පූරැවට,ඒ ගියෙත් තැරැව්කාරයෙකුට විශාල මුදලක් ගෙවල,එහෙම ගෙවන්න සල්ලි හොයාගත්තෙ ණයට,
මේ නිසා තාත්තගෙ ව්‍යාපාරය ලහිරැට බාරගන්න සිද්ද වෙනවා.පාසල් අධ්‍යාපනය ඉවර වෙනවත් එක්කම,ඒත් පියාගෙ විදේශ ගමන සාර්ථ වුනේ නෑ.මාස කීපයකින් ඔහුට ආයෙත් ලංකාවට එන්න සිද්ද වෙනවා.ණය තුරැස් බේරන්න විදියක් නැතිව ලහිරැගෙ අම්මා නැවත විදේශ ගත වෙනවා.ඒ එක්කම වගේ තත්තට අසාර්ථක වුණු විදේස් රැකියාව තමන්න්ට සාර්ථක කරගන්න හැකියැයි හිතන ලහිරැ ආයෙමත් ණය වෙලා සිංගප්පුරැවට යනවා.හැබැයි ඔහුට ඉන්න පුලුවන් වෙන්නෙත් මාස 3යි.ඇදන් ඉන්න රෙදි විතරක් අරන් ආයෙමත් ලංකාවට එනව.

සියල්ල විදේශ රැකියාවක් නිසා උකස් කරගෙන පොඩිවට වැඩ පටන් අරගෙන කරගෙන යනවා.ඒත් සිංගප්පූරැ හීනෙ කෙලවරක් වෙන්නෙ නෑ.ආයෙමත් ණය වෙලා වියදම් කරගෙන 2006 දී සංගප්පූරැවට යන්නෙ පලවෙනි සැරේ අසාර්ථක වුණු දේ දෙවෙනි සැරේ සාර්ථක කරගන්න හිතාගෙන.හැබැයි දෛවය මේ වතාවෙත් ඔහුට ඉඩ දෙන්නෙ නෑ.මාස 6 කින් ආයෙමත් ඔහුට ලංකාවට එන්න සිද්ද වෙනව.මේ වෙනකොට කරගෙන ආපු ව්‍යාපාරට සම්පූර්ණයෙන්ම වැහිල,අලුතින් පටන් ගන්න සතයක්වත් අතේ නැති නිසා ඔහු මහවැව පිහිටි ඉදල් සහ කොසු හදන තැනක වැඩට යනවා.
එහෙම ගිහින් ඔහු එහි වැඩකරල සල්ලි ටිකක් ඉතුරැගරගන්නෙ,කවද හරි ආයෙමත් තමන්ගෙම ව්‍යාපාරය ආරම්භ කරන්න හිතාගෙන.අවුරැදු දෙකක් වැඩකරල රැ.20000 ක් ඉතිරි කරගෙන ඒකෙන් ඉරටු,ලී,ඇණ,ගෙනල්ල ගෙදර මිදුලෙ තමන්ගෙ ව්‍යාපාරයක් ආරම්භ කරනවා.
මුලින්ම ගම වටේ විකුණලා,තනියම ඇවිදල,කඩවල් කීපයකට අලෙවි කරන්න නිෂ්පාදනය සිදුකරණවා.
ටිකෙන් ටික වෙළදපල පුලුල් කරගන්න මහන්සි ගත්ත ළහිරැ අද වෙනකොට තමන්ගෙ නමින් ලේබලයක් අලවල උතුරැ නැගෙන හිරට අවශ්‍ය ඉදල් සහ කොසු විශාල වශයෙන් අලෙවි කරණවා.සතියකට ඉදල්,කොසු 1000 ත් 2000 ත් අතර ප්‍රමාණයක් මේවන විට නිෂ්පාදනය කර අලෙවි කරන් ඔහු තවත් 6 දෙනෙකුට රැකියා ලබා දීල තියනවා.
ඔහුගෙ අනාගත අපේක්ෂාව හැකි ඉක්මනට තමන්ගෙම කියල ලොරියක් අරගෙන බෙදාහැරීමේ කටයුතු පුලුල් කරණ එක.
ඔහු හැම වෙලේම කියපු දේ තමයි තමන් හොදටම දන්න දේ හරියට කලොත් වරදින්නෙ නෑ.මම යවන ඉදල් එකක්වත් ආපහු එන්නෙ නෑ කියන එක,මොකද ළහිරැගේ ඉදල් වල ප්‍රමිතිය ගැන ඔහුට සහතික වෙන්න පුලුවන් නිසා.ඒ විතරක් නෙමෙයි ඔහු ව්‍යාපාරයේ හැම ගණුදෙනුවක්ම පොත්පත් වල සටහන් කරනවා..ඒ නිසා ඔහුට ව්‍යාපාරය ගැන ඕනම දෙයක් සතයටම කියන්න පුලුවන්.අපේ සුලු ව්‍යාපාරිකයන් තුල දකින්න නැතිම දේ තමයි ඒක.මේ වන විට සීඩ්ස් ආයතනයෙන් ලක්ෂ 6ක් ලබාගෙන ව්‍යාපාරය පුලුල් කරන්න ආයෝජනය කරල තියනවා.රැ.20000 කින් පටන් ගත්ත ව්‍යාපාරයෙ වර්ථමාන මුලු ආයේජනය රැ.ලක්ෂ දහයකට වැඩියි.

…………………..හෙට දවසෙදි ඔබේ ගෙදර අතුගාන ඉදල,කොස්ස,ලහිරැ නිෂ්පාදනයක් කිරීම අපේ අරමුණ..ඒ නිසා අප ඔබට ඒ සදහා ආරාධනා කරනවා…………

This slideshow requires JavaScript.

This entry was posted in Our Service. Bookmark the permalink.

6 Responses to ඉරණවිල වැලිතලාවෙන් බිහිවූ ඉදලේ කථාව

  1. Tharanga- EM Manager says:

    Well done …. Welldone ………………chinthaka… do the things for better society…

  2. Thilaka Balachandra says:

    Excellent duty. My congratulation Chinthaka Malli. Any help we can do it…………..

  3. quality work in business development.
    High quality case study, that make the reader continue reading.
    WELL DONE MY SON! KEEP IT UP!

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s