බුලත් වගාව 02

බෝග කළමනාකරණය

පොහොර යෙදීම.

සති 3-4 ට වරක් බුලත් කොල කැඩීම සිදුවන නිසා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ ඉවත් වෙයි.  එම නිසා හොඳ වර්ධනයක් සහ උසස් අස්වැන්නක් සඳහා රසායනික පොහොර භාවිතය අත්‍යාවශ්‍ය වෙයි.

නිර්දේශිත පොහොර

යුරියා             –    ග්රෑම්. 195
ට්රිපල් සුපර් ෆොස්පේට්     –    ග්රෑම්. 65
මියුරියේට් ඔෆ් ෆොටෑෂ්     –    ග්රෑම්. 100
කිසරයිට්         –    ග්රෑම්.   60

මෙම මිශ්‍රණයෙන් ග්රෑම්. 420 ක් බුලත් වැල් 100 ක් සඳහා සෑම සති තුනකට වරක් යෙදිය යුතුය.

කාබනික පොහාර

Iආරම්භයේදීම ගොම පොහොර හෝ කාබනික පොහොර පාත්ති වලට දැමිය යුතු අතර මාසයකට පසු අලුත සිටුවන ලද පැල වලට හානි නොවන සේ පස සමඟ හොඳින් මිශ්‍ර කළ යුතුය.  හොඳින් දිරන ලද කුකුළු පොහොර හෝ එළු පොහොර බුලත් වගාව සඳහා යෙදිය හැකිවේ.  දිරන ලද ග්ලිරිසීඩියා කොල දැමීම හොඳ වර්ධනයක් සහ වැඩි අස්වැන්නක් සඳහා උපකාරී වේ.

කප්පාදු කිරීම සහ පුහුණු කිරීම

ජීවි ආධාරකයකට හෝ අජීවී ආධාරකයකට වැල් පුහුණු කිරීම සිදු කරයි.  නමුත් බදාම :කොන්ක්රීට්* කණූ හෝ පොල් කෙඳි වලින් සාදන ලද කඹ මේ සඳහා ආදේශක ලස භාවිතා කල හැකියි.

∗    බුලත් වැලේ උස මීටර් 1 ක් වන විට කප්පාදු කල යුතු අතර එය හරස් අතු සහ අස්වැන්න වැඩි කිරීමට හේතුවේග
∗    බුලත් වැලේ උස මීටර් 1.2 ක් වන විට පන්දලම සාදනු ලැබේ.
බෝග ආරක්ෂාව
රෝග

බැක්ටිරියා කොල අංගමාරය- බැක්ටියා කොල පුල්ලි  රෝගය

Bacterial Leaf Blight

“සැන්තොමොනාස් තැම්පෙස්ට්රිස් බෙට්ලිකෝලා” නම් වු බැක්ටීරියාවක් හේතු කොට සෑදෙන මෙම රෝගය වර්ෂා කාළයේදී වසංගත තත්ත්වයට පත්වේ.  රෝගය වැලඳුන පසු දැකිය හැකි විශේෂිත ලක්ෂණ වන්නේ කොලය යටි පැත්තේ තෙල් සහිත තෙත පැල්ලම් ඇති වීම වන අතර උග්‍ර වන විට මෙම පැල්ලම් කඳ දක්වා පැතිරෙන අතර, එවිට කොල සහ පුරුක් හැලී යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සම්පුර්ණයෙන්ම වැල මැරී යන අතර ආසන්නතම වැල් වලට ද රෝගය සීග්‍රයෙන් පැතිරේ.

උග්‍ර ලෙස රෝගයට පාත්‍ර වු වැල් විනාශ කිරීම හැර රෝගය පාලනය කිරීමේ වෙනත් ක්‍රම හඳුනාගෙන නැත.  රෝගී වැල් සහ ඒ ආසන්නෙය් ඇති වැල් එම ස්ථානයේදීම පුළුස්සා විනාශ කල යුතුය.  පැතිරීම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකිවේ.  හොඳින් ඇති වැල්වල මෝරන ලද කොල කඩා ඉවත් කළ පසු රසායනික දියරය (කොපර් අඩංගු දිලීර නාශකයකින් ග්රෑම් 28, මැන්කොසෙබ් ග්රෑම් 28 සහ කැප්ටාන් ග්රෑම් 28 ක් වතුර ගැලුම් තුනක දියකර සාදාගත් මිශ්‍රණය)  වරක් හෝ දෙවරක් බුලත් වැල් වලට ඉසිය යුතුය.  රසායනික පොහොර යෙදීම අඩු කිරීම සහ ආසාදිත බුලත් වැල් සඳහා ජලය යෙදීම අඩු කිරීම මඟින් රෝගය පැතිරීම පාලනය කල හැකිවේ.  නිරෝගී රෝපන ද්‍රව්‍යය භාවිතය, කෘෂි ලිඳක් හෝ හුදකලා ජල ප්‍රභවයකන් ජල සම්පාදනය සහ දැඩි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මඟින් රෝග ආසාදනය වළක්වා ගත හැකි වේ.

සමහර බුලත් වගාවන් වල කලාතුරකින් බුලත් වැල් මැරීමේ තත්ත්වයක් නිරීක්ෂණය කර ඇති අතර, මෙයට ප්‍රධාන හේතුව වට පණු හානිය වේ.  වටපනුවන් මුල්වට හානි කල පසු දෙවනුව එම ස්ථාන වලට දිලීර වර්ග හා බැක්ටිරියා ආසාදනය වන අතර, මුල් කුණු වීම නිසා මූල පද්ධතිය විනාශ වේ.  එහි ප්‍රථිලයක් ලෙස බුලත් වැල් මැරී යයි.

බුලත්වගාවේ දී පාදස්ථ කුණුවීම සහ කොල වල ඇති වන දිලීර පුල්ලි ඉතා සුළු රෝගයන් වේ.
පලිබෝධකයින්

ආර්ථිකව වැදගත් වන කෘමි හානියක් වාර්තා වී නැති අතර බුලත් කොල වල යුෂ උරා බොන කෘමීන් සහ රතු මයිටාවන්ගේ හානිය වගාවන් වල නිතර දැකිය හැකිය.

අස්වනු නෙලීම සහ පසු අස්වනු කාර්යයන්

බුලත් වැලේ දිග මීටර් 1.2 – 1.8 ක් පමණ වූ විට අස්වනු නෙලීම ආරම්භ කරනු ලැබේ.  ආරම්භයේදී තුන් හතර වතාවක් ප්‍රධාන කඳේ මෝරන ලද කොල (කඳ කොල) කැඩීම සිදු කරයි.  ඉන්පසුව ප්‍රධාන කඳේ සහ හරස් අතුවල ‍කොල කැඩීම සිදු කරයි.  සති තුනෙන් තුනට අපනයන වෙළඳපල සඳහා කොල කැඩීම සිදු කරනු ලබන අතර දේශීය වෙළෙඳපල සඳහා බුලත් කැඩීම සති 2 ට වරක් සිදු කරයි.  කඩන ලද බුලත් වෙළෙඳපලට යැවීමට පෙර, කොල  40 ක් සිටින සේ මිටි බඳින අතර අපනයනය සඳහා මෙම මිටි විශේෂයෙන් සකසන ලද වේවැල් කුඩා වල අසුරනු ලැබේ.

This entry was posted in Our Service. Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s