බුලත් වගාව 01

බෝග වගාව පිළිබදව අප ලියන සටහන් වල තවත් පියවරක් ලෙසින් අද බුලත් වගාව පිළිබදව ලියන්න අදහස් කලා.මොකද බුලත් කියන්නෙ දේශීය සහ විදේශීය වශයෙන් විශාල ඉල්ලුමතක් තියන ලංකාවේ බොහෝදෙනෙක් වගා කරණ වගාවක්.ඒ වගේම විවිධ රෝග මධ්‍යෙය් තමයි බුලත් වගාව ඔවුන් පවත්වාගෙන යන්නෙ.මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් උපුටා ගත් වගා නිර්දේශයන්…….

ඉතිහාසය

සදාහරිතල බහුවාර්ෂික වැලක් වන බුලත්  ශ්‍රිලංකාව පුරාම වගා කිරීම සිදු කරයිග  බුලත් කොලය ප්‍රධාන වානිජ නිෂ්පාදනය වන අතර පුවක්, හුනු, දුම්කොල සහ වෙනත් සංයෝග සමඟ සැපීම සඳහා භාවිතා කරයිග  ශ්‍රීලංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්‍රීස්තුපුර්ව 340 දක්වා ඈතට විහිදෙයිග  එම කාළයේ උසස් සමාජය තුල බුලත් ගරු බුහුමන් ලබන අංගයක් වියග  මැලේසියාව හෝ ආශ්‍රීත නැගෙනහිර ආසියාතික කළාපය තුල බුලත් වල සම්භවය සිදු වූ බව විශ්වාස කරන අතර චීන හා අරාබි වෙළඳුන් විසින් ශ්‍රීලංකාවට සහ වෙනත් දකුණු ආසියාතික රටවල් වලට හඳුන්වා දී ඇත.  කෙසේ වුවද බුලත් වගා වර්ෂ දහයකට වඩා ශ්‍රීලංකාව තුල සොයාගෙන ඇත.

වර්ථමානයේ දේශීය පරිභෝජනය සහ අපනයන සඳහා බුලත් වගා කරනු ලබන අතර, වගා කරන ප්‍රධාන රටවල් නම් ශ්‍රීලංකාව, ඉන්දියාව, තායිලන්තය, සහ බංගලිදේශය  පකිස්තානය ශ්‍රීලංකාව බුලත් ආනයනය කරන ප්‍රධාන රට වෙයි..
නිෂ්පාදන සහ ප්‍රයෝජන

බුලත් කොලය ආර්ථික සහ ඖෂධීය වටිනාකමින් පොහොසත් නමුත් ඈත අතීතයේ සිටම විට සැපීමේ කාර්යය සහ උත්සව අවස්ථා සඳහා වෙනත් ද්‍රව්‍ය සමඟ භාවිතා කරයි.  බුලත් සැපීම සඳහා ගනු ලබන වෙනත් සංයෝග රටින් රටට වෙනස් වෙයි.

බුලත් මඟින් අගය එකතු කල නිෂ්පාදන කීපයක් හඳුන්වා දී ඇති අතර ඒවා නම් දන්තාලේපල මුඛ සෝදන දියරල සබන් වෙනුවට යෙදිය හැකි ආදේශන දියරල මුහුනට යෙදිය හැකි සාරයන්ල ක්ෂණික බුලත් විට සහ කැබලි වේ.

ප්‍රධාන වගා කරන ප්‍රදේශ

බුලත් ශ්‍රී ලංකාව පුරාම වගා කරන අතර අපනයන ගුණාත්මයෙන් :තද කොල පැහැති. ගණකම්, විශාල.ප්‍රමාණයේ බුලත් කොල*  යුතු වානිජ නිෂ්පාදනයක් ලෙස ,කලු බුලත්,  ලෙස හඳුන්වාදෙන බුලත් වගාව කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, කලුතර සහ කොළඹ යන දිත්‍රීක්ක කිහිපයකට සීමා වී ඇත.

ප්‍රභේද

දේශීය බුලත් ප්‍රෙභේද විශාල ප්‍රමාණයක් ශ්‍රීලංකාව තුල වගා කරන අතර ,මානෙරු,, ,රට දලු, සහ ,ගල්දලු, උසස් අපනයන ගුණාත්මය සහිත ජනප්‍රිය බුලත් ප්‍රභේද වෙයි..

පස හා දේශගුණික අවශ්‍යතා

පස

ශ්‍රී ලංකාවේ තෙත් කළාපයේ සිට වියළි කළාපය දක්වා හොඳින් ජලය බැසයන සරු පසෙහි බුලත් සාර්ථකව වගා කල හැකියි.  විශේෂයෙන්ම කුරුණෑගල සහ ගම්පහ දිස්ත්රික්කයේ ලැටරයිට් සහ මැටි ලෝම් පස බුලත් වගාව සඳහා ඉතා සුදුසු වෙයි. වතුර රඳනු ලබන හෝ ක්ෂාරීය පස බුලත් වගාව සදහා සුදුසු නැත.

දේශගුණය

උච්චත්වය – මුහුදු මට්ටමේ සිට මීටර් 1000 දක්වා සාර්ථකව වගා කල හැකියි.  වර්ෂාපතනය – හොඳින් පැතිරුණු වාර්ෂික වර්ෂාපතනයක්.
බුලත් හිරුඑළිය ප්‍රීය කරන වැලක් වුවද වියළි කළාපයට වඩා තෙත් හා අතරමැදි කලාපයේ හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් පෙන්වයි.  අවශ්‍යතරම් සෙවන සහ ජල සම්පාදනය සාර්ථක වගාවක් සඳහා අත්‍යාවශ්‍යය වන අතර උණුසුම් වියළි සුළඟ හිතකර නොවන අතර වර්ධනය බාල කරයි.

භෝග ස්ථාපනය

රෝපන ද්‍රව්‍යය

බුලත් සාමාන්‍යයෙන් කඳ කොටස් කිරීම මඟින් ගුණනය කිරීම සිදුකරයි.  මෙම කපන ලද කඳ කොටස් නිරෝගී විය යුතු අතර වැඩි අස්වැන්නක් සහ විශාල ප්‍රමාණයේ තද කලු කොල පැහැති බුලත් කොල ලබාදෙන මව් වැලකින් ලබාගත යුතුයි.  කැපු වැල් කොටස් කෙලින්ම ක්ෂේත්‍රයේ සිටුවීමට හෝ මතුපිට පස්,ගොම පොහොර. කොහුබත් සහ වැලි සමාන කොටස්  යොදා සකස් කල මිශ්‍රණයෙන් පුරවන ලද පොලිතීන් මලු තුල මුල් අද්දවා පසුව ක්ෂේත්‍රයේ සිටුවීම ද කළ හැකියි.


ක්ෂේත්‍රයේ සිටුවී

බුලත්ල සාමාන්යයෙන් ගිලුනු පාත්ති තුල සිටුවනු ලැබේ.  ක්ෂේත්‍රය සමතලා, හොඳින් ජලය බැසයන සහ හොඳින් හිරුඑළිය ලබෙන බිමක් විය යුතු අතර අඩුම ලෙස වසර 2 ක කාළයක්, බැක්ටීරියා කොළ අංගමාර රෝගය ආසාදනය නොවු ක්ෂේත්‍රයක් විය යුතුයි. බිම් සකස් කිරීමෙන් පසු මීටර් 1.2  ඞ මීටර් 7.5 ප්‍රමාණයට පාත්ති සකස් කරනු ලැබේ.  පාත්තියක ප්‍රමාණය ක්ෂේත්‍රයේ ඉඩ ප්‍රමාණය මත තීරණය වෙයි.   පාත්ති අතර අමතර ඉඩක්  තැබිය  යුතු අතර එය රෝග පැතිරීම වැළැක්වීම සඳහා ද බෝග නඩත්තු කටයුතු සඳහාද ඉවහල් වෙයි. පිදුරු ගිනි තැබීම හෝ අලු එකතු කිරීම මඟින් පාත්ති ජීවානුහරණය කල යුතු අතර පාත්ති සියල්ල වටකරල පළල සෙන්ටි මීටර් 30 ක් හා ගැඹුර සෙන්ටි මීටර් 60 ක් වන ජලය බැසයන කාණුවක් දැමිය යුතුවේ.

බුලත් වැල ඉහළට වර්ධනය වීම සඳහා ජීවි හෝ අජීවී ආධාරකයක් :ඉනි* සැපයිය යුතු අතර පරතරය සෙන්ටි මීටර් 45 ඞ සෙන්ටි මීටර් 45 වන සේ ක්ෂේත්‍රයේ සිටුවිය යුතුය. එක් ආධාරකයකට බුලත් පැල දෙකක් සිටුවිය යුතු අතර ආධාරකය සිටුවීමට පෙර දීලීරනාශකයක මිනිත්තු දෙකක් පමණ ගිල්වා ගත යුතුයි.

බුලත් පාත්ති වල සිටුවීම වෙනුවට තනි පැලයක් ලෙස සිටුවීම ද කල හැකියි. සෙන්ටි මීටර් 30 ඞ සෙන්ටි මීටර් 30 වන වලක් තුල සිටුවා ගොම පොහොර සහ මතුපිට පස් වලින් එය පිරවීම කල යුතුයි. ඉන්පසු සෙන්ටි මීටර් 2-4 දක්වා විශ්කම්භයක් ඇති ඉන්නක් ආධාරකය ලෙස සිටුවිය යුතුයි.  පැල දෙකක් අතර පරපරය සෙගමීග 1ග8 ඞ සෙගමීග 1ග8 විය යුතු අතර ජීවී ආධාරකයක් ලෙස ග්ලිරිසිඩීයා හෝ කල් පවතින අජීවී ඉන්නක් ආධාරකයක් ලෙස භාවිතා කල හැකියි.

පාත්ති පොල් අතු වලින් හෝ වෙනත් සෙවිලි ද්රව්යයකින් සති 4-6 දක්වා කාළයක් ආවරණය කළ යුතුයිග  දිනකට වරක් හෝ දෙවරක් ජලය යෙදීම කල යුතු අතර දින 20 – 45 කාළයක් තුල අංකුර ඒම සිදුවේග  ඉන්පසු සෙවනට දැමූ ආවරණය ක්රමයෙන් ඉවත් කළ යුතුය.

මතු සම්බන්ධයි………………..

This entry was posted in Information. Bookmark the permalink.

2 Responses to බුලත් වගාව 01

  1. Epc Colombo says:

    ඇත්තටම මේ දේවල් ගොඩක් වටිනවා

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s