පොල් ඉඩම් වල පාංශු තෙතමනය සංරක්ෂණය

Imageපොල්, කියන වචනෙ ඇහෙනකොටම පොල් මිලත් හිතේ මැවෙනවා.පොල් මිට අපේ රටේ දැවැත්ත සංවාදයක් ඇති කල මාතෘකාවක් වෙලත් තියනවා.කොහොම නමුත් පොල් අපේ රටේ මිනිසුන්ගෙ ජීවිතත් එක්ක බැදිච්ච වගාවක්,ඒ වගාවන් අතරින් විශාල ආර්ථික ප්‍රථිලාභ ලබාගත හැකි වගාවක් වෙලා තියන නිසයි..

අපේ රටේ කොළඹ,ගම්පහ,පුත්තලම,හම්බන්තොට,මාතර වගේම දැන් දැන් අනුරාධ පුරය,පොලොන්නරැවථමන්නාරම,යාපනය වගේ දිස්ත්‍රික්ක වලත් පොල් වගාව ව්‍යාප්ත වෙමින් පවතිනවා..ඒ නිසා පොල් වගාව ආශ්‍රිතව දැණුම සහ තොරතුරැ ලබාදෙන බ්ලොග් ලිපි පෙලක් ලියන්න අදහස් කලා,මේ ලිපි පෙල ලියන්න මම දැනුම ලබාගත්තේ ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් පවැත්වූ පුහුණු වැඩසටහන් මගින්,මා ලබාගත් දැණුම තවත් පොල් වගාකරැවෙකුගේ හෝ මේ පිළිබදව උනන්දුවක් දක්වන්නන් සදහා වැදගත් වෙයි කියලත් හිතනවා….

ඒ නිසා මේ ලිපියට අද දවසේ මාතෘකාව කර ගන්නෙ පොල් ඉඩම් වල පස් සහ තෙතමන සංරක්ෂණයේ වැදගත් කම සහ සංරක්ෂණ ක්‍රමයි……….

පොල් ඉඩමක පස් සහ තෙතමනය කියන්න කාරනා දෙන එකවිටම කථාකිරීම යෝග්‍යයි,මොකද, පොල් ඉඩමක යොදා ගන්නා විවිධ සංරක්ෂක ක්‍රම මගින් තෙතමනය සහ පස සංරක්ෂණය වීම යන කාරනා දෙකම එක විටම සිදුවීමයි.

අපේ රටේ අස්වැන්න රදා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ,වර්ශාපතනයේ ප්‍රමාණය සහ එය අවුරැද්ද පුරා පැතිරි යන ආකාරයයි.කිසිම විටක වර්ෂය පුරාම ඒකාකරව වර්ශාව පවතින්නේ නෑ.වර්ශාව වැස්සත් ඒක අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.ඒ නිසා ලැබෙන වර්ශාපතනයේ බලබෑම අවුරැද්ද පුරා රදවා ගන්න පුලුවන් ක්‍රමයක් වන්නේ පොල් ඉඩම් වල තෙතමනය සංරක්ෂණය කර ගැනීමයි.

පොල් වල්ලක් සම්පූර්ණ වර්ධනය සදහා මාස 42 ක් වගේ දිගු කාලයක් ගත වෙනවා,මේ කාලය තුල සිදුවන පොල් ගෙඩියේ විවිධ වර්ධන අවස්ථා සදහා ජලය වැදගත් සාදකයක් වෙනවා,ජලය හිග වූ විට අස්වැන්න අඩුවෙනවා,මේ නිසා ජලය හිග වීමක,බොහෝ විට නියගයක , බල පෑම අවුරැදු 3 – 4 ක් යන කල්ම පොල් ඵලදාවට බලපාන්න පුලුවන්.විශේෂයෙන්ම පලමු අව්රැදු 1-2 ක් වන තෙක් අස්වැන්න අඩුවීම වැඩියි.

පොල් පැලයකට දවසකට ජලය ලීටර් 16ක් අවශ්‍යයි,වැඩුණු පොල් ගසක් සදහා එය ලීටර 50ක් වෙනවා,ගසට යොදන පොහොර වලින් උපරිම ප්‍ර යෝජනය ගැනීමට පසේ තෙතමනය තිබීම අත්‍යවශ්‍යයි.එම නිසා තමයි කියන්නේ  පොල් අස්වැන්නට බලපාන වැදගත්ම සාධකය වන්නේ වර්ෂාපතනය බව,එහෙම නැතිනම් පාංශුතෙතමනය බව,

පසට වැටෙන වර්ෂා ජලය නැති  වෙන්නේ කොහොමද????

01- පොල් සහ වෙනත් ගස්වල මුල් මගින් උරා ගැනීම

02- පසෙන් වායුගෝලයට වාෂ්පීභවනය වීම

03 ලැබෙන වර්ෂා ජලය පස මතුපිට හා පස තුලින් ගලා යාම සිදුවීමෙන් ,

ඒ නිසා මේවා වැලැක්වීමට විවිධ පාංශු සහ තෙතමනය සංරක්ෂණ ක්‍රම යොදන්න වෙනවා…….

01 – කාණු ගොඩ නැගීම,

මෙය ක්‍රම දෙකකට කරන්න පුලුවන්

01 – සමෝච්චන කාණු

02 -ජලය බැස යන කාණු

01- සමෝච්චන කාණු,

පොල් ඉඩමේ බෑවුම හරහා සමාන උසකින් කපන කාණු සමෝච්ච කාණු ලෙස හදුන්වනවා,පොල් ඉඩමේ බෑවුම 3% ට වඩා වැඩිනම් මෙම ක්‍රමය අවශ්‍ය වනවා.සමෝච්ච රේඛා අනුව කාණු පිහිටීමෙන් පස සෝදා යාම වලක්වා ගන්න පුලුවන්.මේ කාණු කපන විදිය සලකුණු කරගන්න ප්‍රදේශයේ පොල් සංවර්ධන නිලධාරී වරයාගේ සහාය ලබාගන්න පුලුවන්.

සමෝච්ච කාණු අතර පරතරය

මෙය ඉඩමේ බැවුම,පස,හා වර්ශාපතනය අනුය තීරණය වනවා.සාමාන්‍ය පිළිගත් ක්‍රමය වෙන්නේ,

බෑවුම                                          බැස්ම                                  කාණු පරතරය

5%                                             1:20                                මීටර 40  (අඩි 130)

10%                                             1:10                                 මීටර 20  (අඩි 66)

15%                                             1:7                                   මීටර 15 (අඩි 49)

20%                                            1:5                                     මීටර 10 (අඩි 33)

සාමාන්‍යෙයන් කාණුවත පළල පස් මට්ටමේ අඩි 2 1/2 ක් වේව ඕනෙ,අතුල අවම වශයෙන් අඩි 2ක් විය යුතුයි,ඉවත් කරන පස් කාණුවේ උඩ අතර දැමීම කල යුතුයිථඑම පස් වැඩිය උසින් අඩි 1 1/2 ක්ද? පළල අඩි 3 ක්ද ඉක්ම වීම ඉතාමත් සුදුසුයි,

ඒ වගේම,කාණුව තුළ ගලා බසින ජලයේ වේගය අඩු කිරීමට කාණූව තුල අඩි 12 – 15 ක දුරින් පස් කට්ටි ඉතිරි කරන්න අවශ්‍ය වෙනවා,එම කට්ටි වල මුදුග අගල් 6-9 ක් පසේ මට්ටමට වඩා පහළින් සිටින විදියට ඉදිකරන්න ඕනෙ,එ හෙම වුණොත් කට්ටියේ මුදුනේ පළල අඩි 1යි,පතුල අඩි 1.5යි,කාණුව කපද්දි සාමාන්‍යෙයන් බැවුම් ඉඩම් වල පස්කාණුවේ උඩු පැත්තට දමන්න,බෑවුම ඉතා වැඩිනම් ( 30%) පස් දැමීය යුත්තේ කාණුවේ පහත පැත්තටයි,ජලය බැසීමට යොදන කාණු මගින් වැඩිපුර ජලය ප්‍රෙව්ශමෙන් පහළට ගලා යාමට සලස්වන්න.

කාණු මගින් ඉවතලන පස් වැටිය මත පහසුවෙන් ආවරණ බෝග ද වගා කරන්න පුලුවන්,කානූව කපාගෙන යද්දි පොල් ගසක් හමු වූ විට ගසේ සිට අඩි 6-8 ක් දුරින් කාණුව කැපීම නවතා නැවත ගසේ අනෙක් පැත්තේ ගසේ අඩි 6-8 ක් පහලින්  ඉහත දුරට සිටින සේ කාණුවක් කපා එහි පස් ගසට උඩු පැත්තෙන් වැටියක් ලෙස කවාකාරව දමා කාණු යා කරන්න.

02-ජලය බැස යන කාණු

සමහර පොල් ඉඩම්වල පහත් බිමෙහි වැසි ජලය පස මතුපිටට එක්රොක් වීම නිසා පොල් ගස්වල වර්ධනයට බාධා ඇති කරණවා.පොල් මුල් සහිත පස වැඩි කාලයක් ජලයෙන් යට වී තිබීමෙන් පැල වල වර්ධනය අඩු වීමත්,වැඩුණ වගාවක ඵලදාව අඩුවීමටත් හේතු වෙනවා.මෙවැනි ඉඩම් වල පොල් පේලි අතර කාණු ඇති කිරීමෙන් හා එම කාණු එකිනෙකට සම්බන්ධ කිරීමෙන් වැඩි ජලය ඉඩමෙන් ඉවත් කරන්න පුලුවන්…..

(අපි මීලග ලිපි වලින්,පොImageල් ලෙලි වැලලීම,කොහු බත් වැලලීම,පොහොර කවය මත ආවරණ යෙදීම,කාබනික ද්‍රව්‍ය යෙදීම,සමෝච්ච වැටි දැමීම ඇතුලු තවත් විවිධ ක්‍රම පිළිබදව ලියන්න බලාපොරොත්තු වෙනවා)

This entry was posted in Our Service and tagged , . Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s