කිරි ගව පාලනය 01

කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන අප පරිභෝජනයේ අත්‍යවශය පෝෂණ සැපයුම් මාර්ගයක් වී ඇත.මේ සදහා අවශ්‍ය කිරි සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන ආනයනය සදහා විශාල මුදලක් විදේශ රටවලට ගලායාමද සිදුවේ.නමුත් අපේ රට අපට අවශ්‍ය කිරිවලින් ස්වයං පෝෂිත වීමේ හැකියාව සහ පහසුව තවම අප සතුව පවතී.වර්ථමානය වන විට කිරි සදහා හොද වෙළද පල මිලක් පවතින අතර කිරි ගව පාලනය සදහා රජය වැඩි මැදිහත් වීමක් සිදුකරමින් පහසුකම් සැපයීම සිදුකරයි.මේ නිසාම පෙරට වඩා කිරිගව පාලනය පිළිබද නැබුරැවක් සමාජය තුල ඇතිවී ඇත.
එබැවින් සාර්ථක කිරිගව පාලනයක් සදහා අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීම එම කර්මාන්තයේ නිරත වන සහ නිරත වීමට අපේක්ෂා කරන පිරිස් හට මගපෙන්වීමක් වන බැවින් ඒ පිළිබදව අප ලිපි පෙලන් පල කිරීමට අදහස් කලා.මෙහි විශේෂත්වය වන්නේ කිරි ගව පාලනයේ සාර්ථක ප්‍රථිලාබ ලබා ගැනීමට හැකිවන හිතකර ක්ෂුද්‍ර ජීවී තාක්ෂණය ( EM) භාවිතා කර ගන්නා ආකාරය අප දැණුවත් කරනු ලබීමයි.

මූලික අවශ්‍යතා

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක කිරිගවයන් ඇති කල හැකි අතර අවම පහසුකම් යටතේ අක්කර භාගයක වත් අවම භූමිභාගයක් තිබිය යුතු අතර ඊට වඩා වැඩිපුර ඇත්නම් වඩාත් උචිත වේ.නමුත් භූමිය අඩු වුවද අවට ප්‍රෙද්ශයෙන් හෝ තෘණ සපයාගත හැකි නම් ඉතාම අඩු ප්‍රමාණයක වුවද කිරි ගව පාලනය පවත්වාගෙන යා හැකිය.තෘණ කපා ආහාර වශයෙන් ලබාදෙන්නේනම් හා ගාල තුලම ගවයන් ඇති කරයිනම් පර්චස් 20 ක ප්‍රමාණ භූමියක වුවද ගව පාලනය පවත්වාගෙන යා හැක.

තාක්ෂණික දැනුම
ගව පාලනය සදහා තාක්ෂණික දැනුම වැදගත් වෙන්නේ ඒ තුලින් ව්‍යාපාරයේ ලාභදායකත්වය වැඩිකර ගත හැකි නිසාය.

මී ගවයන් සහ එල ගවයන් පාලනය කිරීම

ගව පාලනයේදී සත්ව ගොවිපොලක ක්‍රියාකාරීත්වය පවතින්නේ එහි ඇතිකරන සතුන් හා අනෙකුත් සම්පත් පාලනයේ ඇති කාර්යක්ෂමතාවය මතය.එහිදී ගොවි මහතාට ගව පට්ටියේ ඇතිකරන සතුන් වර්ග,ඔවුන්ගේ පෝෂණය,ප්‍රජනනය,හා ඔවුන්ට වැළදෙන රෝග පිළිබද මනා දැනුමක් ලැබාගැනීම අත්‍යවශ්‍යය.

ගව වර්ග තෝරා ගැනීම
කිරි නිෂ්පාදනය සදහා ගවයින් ඇති කිරීමේදී තම ප්‍රදේශයේ පවතින දේශගුණීක හා කාලගුණික තත්ව අනුව හා තමන් විසින් කරනු ලබන පාලන ක්‍රමය අනුව(ගාල් ක්‍රමය,නිදැලි)ගව වර්ග තෝරාගත යුතුය.වැඩි කිරි නිෂ්පාදනයක් හා වැඩි මේද ප්‍රතිශතයක් ඇති ගව වර්ග තෝරා පාලනය කරන්නේ නම් ඔවුන්ගේ ශරීර උශ්ණත්වය පාලනය කිරීම පිළිබදව මනා අවබෝධයක් තිබිය යුතුය.
පහත සටහන අනුව ගව වර්ග තෝරා ගැනීම වඩාත් පහසු විය හැක.

තෙත් කලාපය-නිදැලි ක්‍රමය
ප්‍රීසියන්,ජර්සි,දෙමුහුන් හා ඉන්දීය සින්දි වර්ග හා දේශීය වර්ගවල දෙමුහුන්   සතුන්.
තෙත් කලාපය -ගාල් ක්‍රමය
ප්‍රීසියන්,සින්දි,සහිවාල්,ජර්සි,දෙමුහුන් සතුන් 75% ක් පමණ යුරෝපීය ලක්ෂණ   25%ක් පමණ ඉන්දීය ලක්ෂණ ඇති.
වියළි කලාපය -නිදැලි ක්‍රමය
50% ක් ඉන්දීය ලක්ෂණ ඇති වර්ග සහිවාල්,සින්දි,තර්පකාර් හා දේශීය       දෙමුහුන්.
වියලි කලාපය -ගාල් ත්‍රමය
50% ක් යුරෝපීය ලක්ෂණ,50%ක් ඉන්දීය ලක්ෂණ සහිත වර්ග,ජර්සි     ප්‍රීසියන්,ෂෝට්හෝන් දෙමුහුන්

උසස් තත්වයේ කිරි ගවයෙකු තෝරාගැනීම
ගොබොහොමයක් වාගේ වැස්වි මහතුන් විසින් සියන් මිලදීගෙන ගව පාලනයට පිවිසෙන නිසා උසස් වර්ගයේ වැස්සියකුගේ ලක්ෂණ දැනගත යුතුය.
* මනා ශරීරයකින් යුක්ත වීම.
* පසුපසින් බලන විට සතාගේ ත්‍රිකෝනාකාර හැඩයක් තිබීම.
* ශරීරය දිලිසෙන සුලු ස්වභාවයක් තිබීම
* තනපුඩු 4ම ඒකාකරී වීම,(විකෘර්ති තනපුඩු නොපිහිටීම)
* පෙට්ටි හැඩැති බුරැලක් පිහිටා තිබීම
* කිරි ශිරා පැහැදිලිව පෙනෙන්නට තිබීම
* නිතරම වාගේ හොම්බ තෙත්ව තිබීම
* දීප්තිමත් ඇස් පිහිටා තිබීම.
* වර්ගයට ආවේනික ලක්ෂණ පිහිටා තිබීම.
එසේ තෝරාගත් වැස්සියන් පාලනය කිරීමේදී වැස්සියන්ගේ පෝෂණය කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.

වැස්සියන් පෝෂණය කිරීම
ශරීර වර්ධනය හා සෞඛ්‍යය තත්වය ප්‍රශස්ථව පවත්වාගැනීම සදහා සතාගේ ශරීර බරින් 10% ක් පමණ දිනපතා ආහාර සැපයිය යුතුය.එයින් 1/3 ක් පමණ සාන්ද්‍ර ආහාර,පොල් පුන්නක්කු සැපයිය යුතුය.සතාට ඇතිතරම් ජලය ලබාදිය යුතුය.අහිතකර දේශගුණික තත්වයකදී සකසාගත් වියළි තෘණ පිදුරැ වැනි දෑ සැපයිය යුතුය.නිතරම වාගේ සතාගේ ආහාරයට රනිල ශෘක වර්ග යම් ප්‍රමාණයක් සැපයිය යුතුය.එම ආහාර ගොවි මහතාගේ ගෙවත්තෙන්ම සපයා ගත හැකිය.මේ ආකාරයට නිවැරදිව ආහාර ලබාදීමෙන් වයස මාස 12-18 ක් පමණ වන විට සතා මද ලක්ෂණ පෙන්වයි.මද ලක්ෂණ පෙන්වන විටදී සතාගේ ශරීර බරින් 2/3 ක් පමණ සම්පූර්ණකර තිබිය යුතුය.ඊලග මද ලක්ෂණ වාරය තුලදී කෘතිම සිංචනය කල යුතුය.

මදලක්ෂණ හදුනාගැනීම සහ අනෙකුත් තොරතුරැ මීලග කොටසින් ……………

This entry was posted in Information. Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s