පොල් ඉඩම් වල පාංශු සහ තෙතමන සංරක්ෂණය…03

පොල් ඉඩම් වල පාශු තෙතමන සංරක්ෂණය පිළිබද ලිපි පෙලෙහි තවත් කොටසක් අද මේ ලිපියෙන් ඉදිරිපත් වෙනවා,

කොහුබත් වැලලීම

මෙය නිර්දේශ කරන්නේ කොහුබත් පහසුවෙන් හා නොමිලේ ලබාගත හැකි විටකය.කොහුබත් වැලලීම සදහා වලවල් සකස් කරණු ලබන්නේ,පොල් ලෙලි වැලලීමට වලවල් සකස් කරන ආකාරයටය.පොල් ලෙලි නොමැති විට මෙම ක්‍රමය නිර්දේශ කෙරේ.මෙහිදී වල තුල කොහු බත් සහ පස් තට්ටු මාරැවෙන් මාරැවට යොදා පුරවනු ලැබේ.කොහු බත් අනිවාර්යෙන්ම පස් තට්ටුවලින් වසා කලු කුරැමිණි බෝවීමට ඇති ඉඩකඩ ඇහිරිය යුතුය.අඩි 8*4*3 ප්‍රමාණයේ වලකට කොහුබත් කූඩ 50ක් වැයවේ.කිසිවිටෙකත් කොහු බත් ගුලියක් සේ පස සමග මිශ්‍ර කොට නොදැමිය යුතුය.(තට්ටු ලෙස දැමිය යුතුය)එහෙත් වර්ථ මානයේදී කොහුබත් අපනයනය කරන බැවින්,පහසුවෙන් සෙසා ගැනීමට නොමැත.මේ නිසා මෙම කාර්ය දුෂ්කර වේ.

පොහොර කවය මත ආවරණ යෙදීම

ආවරණ යෙදීම මගින් පස සෝදා යාම අඩු කරයි,එමගින් පසේ ජලය ඉවත් වීම අඩු කරයි.මෙහිදී ඉහලම වාසිය වනුයේ,පසේ උෂ්ණක්වය අඩු කිරීමයි.එමගින් මුල්වල ජලය උරා ගැනීමේ කාර්ය පහසු කරවයි.මෙහිදී විවිධ අතුරැණු ද්‍රව්‍ය මගින් පොල් ගසේ පොහොර කවය ප්‍රදේශය ( අඩි 6ක් තුළ) අතුරැණු යොදයි.මේ සදහා පොල් ලෙලි,පොල් අතු,විවිධ ගස්වල අතු,පිදුරැ,වල් පැලෑටි කොටස් යොදා ගත හැකිය.පොල් අතු සහ පොල් ලෙලි යෙදීම වඩාත් සුදුසුය.

  • පොල් ලෙලි – පොල් ලෙලි යොදන විට තට්ටු දෙකක්ම (ඝනකම අගල් 6)නොඉක්මවා යෙදිය යුතුය.පොල් ලෙලි මුනින් අතට නමන්නේනම් වඩාත් සුදුසුයි.කම්කරැ ශ්‍රමය හිග අවස්ථෘවල එලෙස නැමිය අපහසු විය හැක.මෙලෙස ලෙලි යොදන විට පොල් කදේ සිට අගල් 6ක් ඉට හැර යෙදිය යුතු වේ.පොහොර යොදන අවස්ථාවල මෙම අතුරැණුව ඉවත් කර පොහොර යෙදීමෙන් පසුව නැවත යෙදිය යුතුය.
  • පොල් අතු – වියලි කාලයේ (ජනවාරි/මාර්තු හා ජූලි/සැප්තැම්බර්)පොල් අතු වැටීම බහුලය,එම කාලවලදී හා පොහොර යෙදීමෙන් පසුව පොල් අතු පහසුවෙන් අතුරැණුවක් ලෙස යෙදිය හැකිය.පොල් අතු කැබලි කිහිපයකට කපා පොහොර කවය හොදින් වැසෙන සේ ආවරණය කල යුතුය.පොල් ලෙලි මෙන් නොව පොල් අතු පහසුවෙන් දිරාපත් වීම සිදුවේ.
  • ගස්වල අතු – ග්ලිඩිසීරියා ඉතා ඉක්මණින්ම දිරා පත්වන නිසා අතුරැණුවකට වඩා කොළ පොහොරක් ලෙස වැදගත් වේ.ඇකේෂියා අතු අතුරැණුවක් ලෙස පහසුවෙන් යෙදිය හැකිය.එය දිරාපත් වීමට කලක් ගනී.මීට අමතරව වෙනත් ගස්වල අතුද පහසුවෙන් ලබා ගත හැකිය.ඉවත් කරන ලද වල් පැළ හෝ තණ කොළද මේ සදහා යොදා ගත හැකිය.මෙම ශාක කොටස් වලට අමතරව ජලාශවල විනාශ කිරීමට අපහසුව තර්ජනයක්වව පවත්නා සැල්වීනියා,ජපන් ජබර වැනි ශෘක විශේෂයන්ද පොල් ගස් වටා වසුනක් වශයෙන් හෙදීමට පුලුවන.ඒවා පොල් ගසේ අඩි 6ක් දුර ප්‍රදේශයේ මුලුමනින්ම පොහොර කවය වැසෙන සේ යෙදීම කළ යුතුය.

    පිදුරැ- ගොයම් කැපීමේ කාලවලදී යෙදිය හැකි වේ.වේයන් පහසුවෙන් බෝවන නිසා පැළ වගාවට යෙදීම සුදුසු නොවේ.

    කාබනික ද්‍රව්‍ය යෙදීම
    රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම නිසා පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරයි.එමගින් ජලය අවශෝෂණය කිරීම දියුණු කරන නිසා ජල සංරක්ෂණයද සිදු වේ.එලු පොහොර,ගව පොහොර,කුකුලු පොහොර හා විවිධ ක්‍රම වලට නිපදවන කොම්පොස්ට් පොහොර වර්ගයන් මේ සදහා යොදාගත හැකිවේ.

    සමෝච්චන වැටි දැමීම
    මේවාද කිර්මාණය කරන්නේ පොල් ඉඩමේ සම උස්තැන් හරහාය.මේ සදහා ඉඩමේම ඇති කලු ගල් තිරිවාන ආදිය යොදාගත හැකිය.බෑවුම අධීක ප්‍රදේශවල යෙදිය හැකිය.වැටියේ මුදුන අඩි 2 ක් පමණ පළල් කිරීමෙන් එහි ස්ථාවරභාවය වැඩිවේ.දිගු කලක් මෙලෙස වැටි පැවතීම වාසිදායක වේ.

    විවිධ බෝග වගා ක්‍රම යොදා ගැනීම
    පොල් ගස් අතර විශාල ඉඩකඩ ප්‍රමාණය නිසා නිතැතින්ම එම ඉඩම සෝදාපාලුවට සහ වියලීමට ලක්වේ.එම නිසා හිස්බව වැහෙන ආකාරයට සහ ජලය ගලායාමට බාධාවක් වන ආකාරයට කුමන හෝ වෙනත් බෝග වගාවන් කිහිපයක් යොදා ගැනීම තෙතමන සංරක්ෂණයට ආධාරයක් වේ.(උදා-අතුරැ බෝග වගාව,මිශ්‍ර වගාවන් සෝල්ට් ක්‍රමයට පොල් සහ අනෙකුත් වගා සිටුවීම)මෙමගින් වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි කරයි.

    තවත් විස්තර මීලග ලිපියෙන්……..

This entry was posted in Information. Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s