කිරි ගව පාලනය …02

මද ලක්ෂණ හදුනා ගැනීම
නිතර නිතර කෑගැසීම,නිතර නිතර මූත්රාර කිරීම,අනෙකුත් සතුන්ගේ ඇග මත නැගීමට උත්සහ කිරීම,කබලකාරී ස්භාවයක් දැරීම,ආහාර ගැනීම අඩුවීම,යෝනි මාර්ගයෙන් බිත්තර සුදු මදයට සමාන තරලයක් ගැලීම,කාහලිකය මෙලෙක් වී තිබීම,මද ලක්ෂණ අතුරින් සමහරකි.ගොවි මහතුන් බොහෝ දෙනෙකුට බලපාන ගැටලුවක් වන්නේ ගවයින්ගේ මද ලක්ෂණ පිළිබද අවබෝධයක් නොතිබීමයි.සෑම දින 21 කට වරක්ම මද ලක්ෂණ පෙන්වන අතර මදකාලය සම්පූර්ණ දවසක් පවතී.එයින් පළමු පැය 6 ගෙවුනායින් පසු කෘතිම සිංචනය සිදුකල යුතුය.මෙසේ කෘතීම සිංචනයෙන් පසු දින 21-42 ක් අතර ඉහත පරිදී මද ලක්ෂණ නොපෙන්වයි නම් සතා ගැබ්ගෙන ඇති බව තහවුරැ කරගත හැක.ස්ථීර වශයෙන්ම ගැබ් ගත්බව දැන ගැනීමට නම් ප්රණදේශයේ පශු වෛද්යගවරයා මගින් තහවුරැවක් කර ගත හැක.

ගැබ් ගත් වැස්සියන් පාලනය
කිරි ගවයෙකුගේ ගැබ් කාලය දින 285 ක් පමණ වේ.(මාස 9) මෙම කාලය තුල ඉතාමත් හොදින් වැස්සිය පෝෂණය කල යුතුය.මෙහිදී සතාගේ ශරීර බරෙන් 10% ක් ආහාර ලබා දිය යුතු අතර,එයට රනිල සාන්ද්රහ ආහාර සහ ඛනිජ මිශ්රදණයෙන් ග්රෑරම් 100ක් අඩංගු විය යුතුය.ජලය අවශ්ය්තරම් බීමට සැලැස්විය යුතු අතර අනිවාර්යෙන්ම ඛනිජ මිශ්ර්ණය ලබා දිය යුතු අතර ඒ සදහා වෙළද පලේ ඇති ඛණිජ මිශ්රරණ කැට සතාට රැචි පරිදී ලබාගැනීම සදහා ගාලේ තැබිය යුතුයි.දිනපතා වාගේ සතා පිළීබද නිරීක්ෂණය කල යුතුය.අවසාන මාස 2 තුල පෝෂණය ඉතාමත් උවමනාවෙන් සැපයිය යුතු වන්නේ කළල වර්ධනයේ ඉතා සීග්‍රතම අවධීය අන්තිම මාස දෙකේ සිදුවන බැවිනි.
ගැබ් ගත් වැස්සියක් කිරිමුරයේ සිටිනම් ඇයගේ පෝෂණය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.එනම් ගැබ් කාලයේ අවසානය දක්වා කිරි ලබා ගන්නා හෙයින් සතාගේ ශරීරයෙන් ඉවත්වන පෝෂණය නැවත ලබා දිය යුතු වීමයි.කිරි ලබාගන්නා සැම දිනකම සාන්ද්රය ආහාර කි.ග්රෑේම් 1 ක් හා ලබාදෙන කනිජ වලට අමතරව කිරි ලීටර් 4ක් සදහා ඛනිජ මිශ්රයණය ග්රෑනම් 1.10 ක් වනසේ වැඩිවන සෑම කිරි ලීටර 4කටම ජලය ලබාදීම ඉතා වැදගත්ය.ඒ වගේම ගැබ් කාලය අවසන් මාස 2කදී සතා කිරෙන් වැරීම කල යුතුය.

ප්‍රසූතිය සදහා සූදානම් කිරීම
මේ සදහා ගව ගාල ඉති පිරිසිදුව තිබිය යුතු අතර අවසාන සතියේ දී වැස්සියන් ගවගාලෙන් ඉවතට ගෙනයාමෙන් වැලකිය යුතුය.ගව ගාලේ වියලි තීණ හෝ පිදුරැ ස්ථරයක් දමා තිබිය යුතු අතර,වැස්සියන්ට අවශ්ය තරම් ජලය සැපයිය යුතුය.ආහාර ඇතිතරම් ලබාගැනීමට සැලසිය යුතුයි.නියමිත ගොවිපල් වාර්තා ලබාගැනීමෙන් නිශචිතව ප්රටසූති දිනය නිශ්චය කරගත හැකිය.
ප්රිසූතියට ආසන්න වනවිට කිරි බුරැලු විශාල වී යෝනිය ඉදිමී,රත් පැහැයක් ගැනීම හා යෝනි මාර්ගයෙන් ශ්ලේෂමල පිටවීම ආදිය සිදුවේ.ප්ර්සූතියට ආසන්න පැය 2 කදී නිතර නිතර මූත්රාම කිරීම හා කලබල ස්භාවයෙන් කෑ ගැසීම සිදුකරයි.මේ අවස්ථාවේ ගොවි ගොවි මහතා සතා ආසන්නයේ සිටිය යුතු අතර ප්රයසූතියෙන් පසු වසු පැටවා වියලි රෙදි කඩකින් හෝ වියලි පිදුරැ ස්වල්පයකින් පිරිසිදු කර වසු පැටවාට හුස්ම ගැනීමට සැලැස්විය යුතුය.ඉන් පසු කිරි බීම සදහා යොමු කල යුතුය.මේ අවස්ථාවේදී දෙන ගෙන් ඉවත් වන වැදෑමහ වැස්සියට ආහාරයටගැනීමට නොදී විනාශ කල යුතුයි.විශේෂ වැදගත් කරැණ වන්නේ වැස්සියගෙන් ලැබෙන මුල් කිරි(කොලෙස්ට්රටම්) පැටවාට බීමට සැලැස්විය යුතු වීමයි.මෙම මුල් කිරි කහ ස්වරෑපයක් ගන්නා නිසා ඇතැම් ගොවි මහතුන් ප්රසසූතියට පෙර මුල්කිරි ( කොලෙස්ට්ර්ම්) දොවා ඉවත් කරනු ලබයි.එසේ කිරීම ඉතාමත් නුසුදුසු අතර මුල්කිරි මගින් වසු පැටවාගේ ශරීරයේ ක්රිතයාකාරීත්වයට අවශ්යව එන්සයිම,ප්රෝ)ටීන සහ අනෙකුත් විටමින් වර්ග සපයන අතර බාහිර පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව සහ ප්රිතිශක්තීකරණයද ලබාදෙයි.මේ නිසා මුල්කිරි ලබා දීම ඉතා වැදගත් වේ.මුල් කිරි දින 7ක් පමණ ලබාදිය යුතු අතර පැටවා බීමෙන් පසු ඉතිරිවන මුල්කිරි වැස්සියගෙන් දොවා ඉවත් කල යුතුයි.

ප්‍රසූතියෙන් පසු කිරි ලබා ගැනීම
පැටවා දින 7 ක් පමණ වූ විට මුල් කිරි ලබාදීම අවසන් වන අතර ඉන්පසු දෙනගෙන් කිරි ලබාගැනීම කල යුතුයි.කිරි ලබාගැනීමේ දී පෙරදින රාත්‍ී පයේදී පැටවා වෙන්කර වියළි තෘණ ලබාදීම කල යුතුයි.කිරි දෙවීමට ගන්නා භාජන ඉතා හොදින් පිරිසිදු කලයුතු අතර ගව ගාල හා කිරි බුරැල ආශ්රිදත ප්රෙතද්ශ සිසිල් ජලයෙන් හා මදක් උණු ජලයෙන් පිරිසිදු කලයුතුයි.කිරි ගැනීමේදී මුලුඅත් ක්රගමයට කිරි ලබාගත යුතු අතර දොවන්නාගේ අත් හොදින් නියපොතු කපා පිරිසිදු කරගත යුතුය.කිරි දොවන පුද්ගලයා කලබල කාරී අයෙකු නොවිය යුතු අතර කිරි දෙනට ඉතා කාරැණික විය යුතුය.කිරි ලබා ගැනීම උත්තේජනය සදහා කිරි ගන්නා අවස්ථාවේදී වැස්සියට ආහාර ගැනීමට හෝ සාන්ද්රු ආහාර හෝ ලා තෘණ ස්වල්පයක් ලබාදීම වඩාත් උචිත වේ.පැටවා පෙන්වා කිරි ගැනීම හෝ පැටවාට පොවා කිරි ගැනීම ආරම්භ කල යුතුය.පැටවා සදහා කිරි දොවාගන්නා වාරයකදී මාරැවෙන් මාරැවට එක තන පුඩුව බැගින් ඉතිරි කල යුතුය.කිරි දෙවීමේ කාලාන්තරය පැය 8කට වැඩිවිය යුතු අතර,උදෑසන කිරි ලබාගෙන පැය 8ක් ඉක්ම ගිය පසු හවස් වරැවේ කිරි ලබාගැනීම කල යුතුයි.කිරි දෙවීමට ගන්නා භාජන හා කිරි අලෙවි කිරීම සදහා රැගෙන යන භාජන විෂබීජ නාශක යොදා දිනපතා පිරිසිදු කල යුතුය.

කිරි මුරයේ සිටින දෙනුන් ගැබ් ගැන්වීම,වසු පැටවුන් පාලනය ආදී අනෙකුත් කරැණු මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න

This entry was posted in Information. Bookmark the permalink.

හිතෙන දේ කීවනම්......................................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s